( VIDEO) දේශපාලකයන් සියලු දේම නොදන්නා බවත්, ඔවුන්ට සියලු දේම කළ නොහැකි බවත් හිටපු මහ බැංකු අධිපත් අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්රකාශයක් ලබාදීම සඳහා අද (23දා) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්රකාශ කළේය.
තමාගෙන් පැය 7ක් ප්රශ්න කළ බව පැවැසූ හිටපු මහ බැංකු අධිපතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවේ කටයුතු සඳහා බලපෑම් නොකළ බවද සඳහන් කළේය.
“පැහ හතක් තිස්සේ ප්රශ්න කළා. ගැටලුවක් නෑ. මට උත්තර දෙන්න පුළුවන්. මුදල් මණ්ඩලයේ කවදාවත් මගේ නංගි ඉඳලා නෑ. ඒ ගැන මම පැහැදිලි ප්රකාශයක් කරලා තියෙනවා. හොයලා බලන්න පුළුවන්. මට නවත්වන්න බලයක් නෑ. වරදක් තියෙනවා නම්, දඬුවම් කරන්න කිසි ප්රශ්නයක් නෑ. නායකයෙක් ලෙස මම ගරු කරන පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහතා. එතුමා අපට බලපෑම් කළේ නෑ.
අපේ වැඩකටයුතු ස්වාධීනව කළා. 2011දී මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 430ක් හම්බ කළා. පසුගිය වසරේදී මිලියන 53යි. කවුද මේවාට වග කියන්නේ. කවුද මහ බැංකුව බාර ඇමතිතුමා. දේශපාලකයෝ හැම දෙයක්ම දන්නෙත් නෑ. කරන්නත් බෑ” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ශමීර රාජපක්ෂ