දේශපාලනඥයන් ලබා දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයාම වගකිවයුතු ක්‍රමයක් රටේ ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඔරුගොඩවත්ත, සාංචි විහාරස්ථානයේ සංඝාවාසයේ වහල ප්‍රතිසංස්කරණය පිණිස රුපියල් ලක්ෂයක් වටිනා සෙවිලි තහඩු ලබා දීමේ අවස්ථාවට ඔරුගොඩවත්ත, නවගම්පුරේදී එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"පහුගිය රජය සමයේ සිදු කළ වංචා දූෂණ හා මිනීමැරුම්වලට නිසි පර්යේෂණ කරලා අධිකරණ ක්‍රියාමාර්ගවලින් දඬුවම් දෙන්න ඕන කියලා අපි කිව්වා. ඒ අනුව සිල් රෙදි නඩුව තමයි තමයි එසේ විමර්ශනය කරලා දඬුවම් ලබා දීපු පළවැනි නඩුව. අධිකරණයේ ක්‍රියාමාර්ග ගැන අපිට තීරණ දෙන්න බෑ. අධිකරණය නීතිය ක්‍රියාත්මක කර තියෙනවා.
හැබැයි දේශපාලනඥයෙක් හැටියට මට හිතෙනවා රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයන් දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයාම වගකිව යුතුයි කියලා වක්‍රලේඛ හා නියෝගවලට වගන්ති ගේන්න ඕන. පන්සල්වලට සිල් රෙදි බෙදන එක කිසිම වරදක් නැහැ. ඒත් සිල් රෙදි බෙදන්න කියලා දේශපාලනඥයා කිව්වාම මැතිවරණ කාලෙදි සිල් රෙදි බෙදන එක වැරදියි.
ඒකට ඡන්ද ලේබල් එකක් දාන එක වැරදියි කියන එක ඒගොල්ලො තේරුම් ගැනීමට නොහැකි වීම සම්බන්ධව දඬුවම් විඳින්න ඕන. ඒවගේම සිල් රෙදි බෙදන්න කියලා නියෝග දුන්නු අයත් දඬුවම් විඳින්න ඕන. වැරදි නියෝගයක් දේශපාලනඥයා නිලධාරීන්ට දුන්නම රජයේ නිලධාරියා දැනගන්න අවශ්‍යයි ඒක වැරදි නම් වැරදියි කියලා දේශපාලඥයාට පෙන්වා දෙන්න. එහෙම වෙච්ච අවස්ථා ගිය ආණුඩු කාලයේ හා මේ ආණ්ඩු කාලෙත් තියනවා. පෞද්ගලිකව මගේ අදහස නම් දේශපාලනඥයන් නිලධාරීන්ට දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයා වගකිව යුතු ක්‍රමයක් ගේන්න ඕන අපේ රටට."යැයිද පවසා සිටියේය.