උද්ඝෝෂණවලට බැටන් පොලු හා යකඩ පොලු වලින් පහරදීමට උපදෙස් දෙන දේශපාලනඥයන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ඉල්ලා නිවෙස්වලට එනවිට දොරපොලුවලින් පහර දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අද(16දා) පැවසීය.
මරදාන සී.එස්.ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සයිටම් විරෝධී සිසු ජන එකමුතුව විසින් කොල්ලුපිටියේදී පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගි වූවන්ට පහරදීම සම්බන්ධව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
විරෝධතාකරුවන්ගේ ඔළු පළා,කඳුළු ගෑස් ගසා මර්දනය සිදුකළ හැකි යැයි පාලකයන් සිතනවානම් එය මුළාවක් බවත්,එවැනි පහරදීම්වලින් උද්ඝෝෂණ තව තවත් වර්ධනය වනු ඇති බවත් පැවසූ දුමින්ද නාගමුව මහතා පසුගිය රජයට අත්වූ ඉරණම පිළිබඳ වත්මන් රජයේ නායකයන් මතක් කරගත යුතුයැයි කියා සිටියේය.
එම උද්ඝෝෂණයේදී කඳුළු ගෑස් උණ්ඩයක් වැදීම හේතුවෙන් තමාගේ දකුණු ඇසට පහළ කොටසේ අස්ථි බිඳීමකට ලක්ව තිබෙන බවත්,ඉදිරි දින කිහිපයේදී ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බවත් හෙතෙම පවසා සිටියේය.