ඝන අපද්‍රව්‍ය කළමනාකාර අධ්‍යයන චාරිකාවක් සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ඌවේ පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරුවන් ඇතුළු සේවකයන් පිරිසක් ළඟදීම තායිලන්තය බලා යන බව ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද ( 10දා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණ.
මේ පිරිසට සෞඛ්‍ය හා ක්ෂේත්‍ර කම්කරුවන් 21 දෙනෙක් හා කසළ රථ රියදුරු, ඇතුළත්වන අතර, ඔවුන් මෙහෙයවීම සඳහා ක්ෂේත්‍ර පරිපාලන හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කිහිපදෙනක් මෙම චාරිකාවට සහභාගි වන බවද ඌව පළාත් සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහහත්මිය පැවසුවාය.
තෝරාගත් කණ්ඩායම සඳහා මහා භාණ්ඩගාර අනුමැතිය ලැබී ඇති බවත් ළඟදීම ඔවුන් මේ සඳහා පිටත්ව යන අතර තායිලන්තයේ මහිඩෝල් විශ්වවිද්‍යාලයේදී මේ අධ්‍යයන අවස්ථාව ඔවුන්ට උදාවන බවත් අඹන්වල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
තමා දන්නා තරමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයනයක් සඳහා කම්කරුවන්ට විදේශගත වීමට අවස්ථාව සැලසූ ප්‍රථම අවස්ථාව මෙය බවද අඹන්වල මහත්මිය අවධාරණය කළාය.
මෙතෙක් කල් මෙම අධ්‍යයන චාරිකා සඳහා විදෙස් ගතවූයේ, දේශපාලඥයන් හා නිලධාරීන් වූ නමුත් තමාගේ උපදෙස් මත මෙවර ඒ සඳහා සුදුසුම පුද්ගලයන් සහභාගී කරවීම විශේෂත්වයක් බව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා මෙහිදී පැවසීය.