දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ලොව පුරා දැවැන්ත ව්‍යාපාරයක් - ලක්ෂ ගණනින් ජනතාව වීදි බසී
ලෝක දේශගුණ විපර්යාසයන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට බල කෙරෙන දැවැන්ත මහජන රැලි ලොව පුරා ස්ථාන 2,000කදී පමණ දහස් ගණන් ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවත්, ඒ කෙරෙහි ජනතාව පෙළ ගැසෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශගුණය වෙනුවෙන් වූ ජනතා රැලිය හරහා කාබන් විමෝචනය පාලනය කිරීම ඔවුන්ගේ මූලික සටන් පාඨය වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව ඉලක්ක කරමින් මෙම දැවැන්ත ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
ඇමෙරිකාවේ මැන්හැට්න් නුවරදී පැවති රැලිය වෙත ලක්ෂ තුනකට අධික ජනතාවක් එක්රැස් වූ බවත්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මුන් මහතාද ඊට සහභාගි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර ඔස්ට්‍රේලියාවේ හා යුරෝපය පුරා මෙවැනි දැවැන්ත රැලි සංවිධානය වී තිබුණි.
"අපේ අනාගත පරපුර ජීවත් විය යුතු ලෝකය මෙයයි. අපිට දෙවැනි සැලැස්මක් නැහැ. මොකද අපිට තවත් ලෝකයක් නැහැ." යනුවෙන් මාධ්‍යවේදීන් ඇමතූ මහලේකම්වරයා පැවසීය.
මුන් මහතා සමග තවත් සුවිශේෂී පුද්ගලයන් රැසක් මෙම රැලියේදී දැකගත හැකි වූ අතර, ප්‍රංශ පරිසර අමාත්‍යවරයා, පරිසරවේදීන්, විද්‍යාඥයන්, සිනමා තාරකාවන්ද ඒ අතර වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

