කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට දෙහිවල සත්වෝද්‍යානයට ගෙනආ සුදු කැස්බෑ පැටවෙකු මියගොස් තිබුණේ අඩු ජල පරිමාවක් යටතේ ප්‍රවාහනය කිරීම නිසා බවට සැක කරන බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්යක්ෂ අනුර සිල්වා මහතා පැවසීය.
ඊයේ (20දා) සවස මෙම කැස්බෑ පැටවා මියගොස් තිබුණු බව කී අධ්‍යක්ෂකවරයා අද පෙරවරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් විශාල කැස්බෑවුන් දෙදෙනා හා අනෙක් කුඩා පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඔහු පැවසීය.
අධිකරණ නියෝගයක් මත දෙහිවල සත්වෝද්‍යානයට ඇලි කැස්බෑවුන් 4 දෙනා ගෙනආ පසු මියගිය මාස 6 ක් වයසැති මෙම පැටවා ආහාර නොගත් බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.