දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට අයත් දේපළ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරණ කටයුතු සඳහා යොදාගන්නා බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා වෙත ඊයේ (18දා) පැමිණිල්ලක් ඉදිරිපත් විය.
එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්රී යමිත රාජපක්ෂ මහතා යොමුකළ අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ නගර සභාවට මුදල් නොගෙවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රචාරක සාකච්ඡා පැවැත්වීමට නගර සභාවේ දේශන ශාලා යොදාගන්නා බවයි.