බසරථයක් පැහැරගැනීමේ චෝදනා යටතේ දෙහිඕවිට ප්රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් සභාපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔවුන් අද (07දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය (4දා) දෙහිඕවිට නගරයේදී සීසර්වරු රැගෙන එමින් සිටි බස් රථයක් සභාපතිවරයා විසින් සීසර්වරුන්ගෙන් නැවත බලෙන් ලබාගෙන තිබෙන බවත් මෙය කොල්කෑමේ සිද්ධියක් බවට වර්තා වී තිබෙන බවත් සැකකාර සභාපතිවරයා මේ වන විට ප්රදේශයෙන් බැහැරව සිටින බවට වර්තා වී තිබෙන බවත් පොලිස් මූලස්ථානය පවසයි.