දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් හත්ලක්ෂ පහළොස් දහසක් ඉදිරිපත් වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ අනුව ජනගහන ප්‍රතිශතය අනුව රටක් ලෙස ලෝකයේ විශාලතම විභාගය පැවැත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවන බවත්, විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම අයදුම්පත් ලැබූ විභාගය ලෙස මෙම විභාගය ඉතිහාසගත වන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ප්‍රශ්න පත්‍ර ලක්ෂ 200කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට සිදුව තිබෙන බවත්, එයද ඉතිහාසගත වාර්තාවක් බවත් කී ඒ මහතා විභාග මධ්‍යස්ථාන 5000කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට සිදුව තිබෙන නිසා එයද වාර්තාවක් බවත් සඳහන් කළේය.
දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය නව සහ පැරණි නිර්දේශ යන කාණ්ඩ දෙක යටතේ පැවැත්වෙන බවත්, මේ අනුව නව නිර්දේශය යටතේ තුන්ලක්ෂ තිස් හතරදහස් හත්සිය අසූ එකක් සහ පැරණි නිර්දේශය යටතේ තුන්ලක්ෂ අසූ එක්දහස් එකසිය අසූ හතර දෙනෙකු ඉදිරිපත් වී සිටින බවත් ඒ මහතා කියා සිටියේය.
මෙහිදී පොදුවේ පාසල් අයදුම්කරුවන් 293,000 ක් සහ නව නිර්දේශය යටතේ 130,124 පැරණි නිර්දේශය යටතේ පෙනී සිටින බවත් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.