ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එළඹෙන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි හා අවසන් විස්සයි20 තරගය දිනයකින් ඉදිරියට ගෙන ආ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව මෙම තරගය 11 වැනිදා (බදාදා) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත.
අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් එළඹෙන 12 වැනිදා මහජන ශෝක දිනයක් බවට පත්කර ඇති හෙයින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි. දෙවැනි තරගයට අදාළව 12 වැනිදා දිනට නිකුත්කළ ප්‍රවේශපත් මෙදිනට (11දා) වලංගු බව ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති සිදත් වෙත්තමුණි ඇතුළු පාලක මණ්ඩලය සහ බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති අතර, මෙදින කණ්ඩායම් දෙකෙහි සියළු ක්‍රීඩකයන් විනාඩියක නිශ්ශබ්දතාවයක් අරක්ෂා කර හා ශ්‍රී ලංකා කණ්ඩායම කහ වර්ණයෙන් යුතු පටියක් පැළඳගෙන ක්‍රීඩා කිරීමට කැමැත්ත පළකර ඇත.