ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් අත්අඩංගුවේ සිටින දෙවැනි ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවාද මරා දමන බවට අනතුරු ඇඟවීම් සිදුකළත්, ඇමෙරිකාව විසින් ඉස්ලාමීය අන්තවාදීන් වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තවත් දැඩි කර තිබේ.
ඒ අනුව, ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මොසුල් ආසන්නයේ අන්තවාදීන් සමග සටන් වදින කුර්දිස්ථාන හා ඉරාක හමුදාවන්ට අවශ්‍ය ගුවන් සහාය ලබාදීමට ඉරාක නාවික හමුදා ප්‍රහාරක යානා හා ඩ්‍රෝන යානා යොදාගනිමින් ඊයේ සහ අද දිනයේත් දැවැන්ත ප්‍රහාර එල්ල කර තිබේ.
පසුගිය අඟහරුවාදා ඉස්ලාමීය අන්තවාදීන් විසින් වීඩියෝවක් නිකුත් කරමින් 2012 වසරේදී අතුරුදන් වූ ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ගේ ගෙල සිඳ මරා දමන ක්‍රෑර දසුනක් ලෝකය හමුවේ තැබීය.
එහිදී, තම අත්අඩංගුවේ පසුවන තවත් අමෙරිකානු ජාතික වාර්තාකරුවෙකු මරා දමන බවටද ඉස්ලාමීය අන්තවාදීහු අනතුරු ඇඟවීමක් කළහ.
නමුත්, එම වීඩියෝව නිකුත් කළ දිනයේ සිට මේ දක්වා ඇමෙරිකානු ප්‍රහාරක යානා මොසුල් වේල්ල ආසන්නයේ ගුවන් ප්‍රහාර 14ක් එල්ල කර තිබේ.
මේ අතර, ඊයේ පෙන්ටගනය පවසා සිටියේ තමන් සිරියාවේ අන්තවාදීන් අත සිටින ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමක් මෑතකදී දියත් කළත් එය ව්‍යර්ථ වූ බවය.
එය ගුවන් හා ගොඩබිම් මෙහෙයුමක් ලෙස ඇමෙරිකාව විසින් දියත්කර තිබුණද, ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයෙන් ප්‍රාණ ඇපකරුවන් ඉලක්ක කළ ස්ථානයේ නොසිටීමෙන් මෙහෙයුම අසාර්ථක වී තිබුණි.