දෙවැනි පෘථිවිය හමුවේ?
- 24 07 2015
- 09:22
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
පෘථිවියට බොහෝ සමානකම් ඇති ග්‍රහලෝකයක් කෙප්ලර් දුරේක්ෂය මගින් සොයාගැනීමට හැකි වූ බව නාසා ආයතනය පවසයි.
මෙම මෙහෙයුමට සම්බන්ධ විශේෂඥයන් පෙන්වාදෙන්නේ එදාමෙදා තුර අභ්‍යවකාශයේ සොයාගැනුණු පෘථිවියට බොහෝ සමානකම් දක්වන ග්‍රහ වස්තුව මෙය බවයි.
එනම්, මෙවැනි ග්‍රහලෝක සිසිලසක් සහිත, ප්‍රමාණයෙන්ද එතරම් විශාල නොවන අතර, එහි මතුපිට ද්‍රව ජලය මෙන්ම ජීවයක් රැඳීමේ හැකියාව ඇති බව විශ්වාස කෙරෙයි.
නාසා ප්‍රධාන විද්‍යාඥ ජෝන් ග්රන්ෆෙල්ඩ් මෙම නව ග්‍රහලෝකය Earth 2.0 ලෙස හඳුන්වන අතර, එය පෘථිවියෙන් ආලෝක වර්ෂ 1,400ක් ඔබ්බෙන් පවතින බවද පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
