2014 දෙවැනි කාර්තුවේ (අප්‍රේල් සිට ජුනි දක්වා) ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය රු.මිලයන 840,653 දක්වා ඉහළ යමින් 7.8%ක වර්ධනයක් ලබාගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තෙම්න්තුව පවසයි.
මෙහිදී කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා අංශ තුන පිළිවෙළින් 10.6%ක්, 31.5%ක් හා 58%ක් ලෙස සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශත දායකත්වයක් ලබාදී ඇති බවද පෙන්වා දෙයි.