ඉන්දීය රජයේ ආධාර මත නවීකරණය කරන ලද යාපනය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රිඩාංගණය විවෘත කිරීම අද(18දා) සිදුවිය. අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා කිසිදු අයුරකින් පළුදු වී නොමැති බවය. වත්මන් රජය යටතේ දෙරටම ඉතා අවබෝධයකින් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙම උත්සව අවස්ථාව අමතනු ලැබු අතර ඉන්දිය රජය සැමවිටම ශ්‍රී ලංකාව සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින බව එහිදී අදහස් දැක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ රුපියල් මිලියන 145ක් වැය කරමින් යාපනය දොරෙයප්පා ක්‍රිඩාංගණය සංවර්ධනය කර තිබේ.