එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ මීළඟ සැසිවාරය සඳහා දෙමළ ජාතික සන්ධානය විසින්ද යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන බවත්, ජිනීවා සමුළුවට වෙනමම කණ්ඩායමක් ලෙස සහභාගීවන බවත් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.සුමන්තිරන් මහතා පැවසීය.
එසේම එම යෝජනාවලිය සඳහා ඉදිරිපත් කරන කරුණු පිළිබඳව මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවත් එහිදී රජයට එරෙහිව කරුණු ඉදිරපත් කිරීමට බලාපොරොත්තුවන බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ සියලුම නායකයන්ගේ සහභාගීත්වයෙන් යාපනය පුස්තකාල ශ්රවණාගාරයේදී ඊයේ (27දා) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවද මන්ත්රීවරයා පවසා සිටියේය.
මන්ත්රීවරයා තවදුරටත් සඳහන්කළේ උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පත් කරන ලද ජනාධිපති කොමිසමට දෙමළ ජාතික සන්ධානයෙන් පූර්ණ විරෝධය පළ කරන බවයි.