(UPDATE) නව අාණ්ඩුවක් නිර්මාණය කිරීමට එක්සත් ජතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයක් කරන මෙහෙයුම්වලට අදාළව සිදුවීමට නියමිත පක්ෂ මාරුවීම් අනුව එක්සත් ජාතික පෙරමුණ යටතේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් හා දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 5ක් එයින් ඉවත්ව සන්ධාන ආණ්ඩුවකට සහාය දැක්වීමට තීරණය කර ඇති බව තහවුරු නොකළ වාර්තා කියයි.
එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 106ක් හිමිව ඇත. ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් 5 දෙනාගේ ඉවත්වීමත් සමගගමස එම සංඛ්‍යාව 101ක් දක්වා අඩුවෙනු ඇත. එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 96ක් පාර්ලිමේන්තුවට හිමි අතර පැමිණීමට නියමිත මන්ත්‍රීවරු 5 දෙනා අනුව එම සංඛ්‍යාව 101ක් දක්වා වර්ධනය වෙනු ඇත.
එසේම සන්ධානයට දමිළ ජනතාව නියෝජනය කරන පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් 4 දෙනෙක්ද සහාය දැක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
11.13 AM දෙපැත්තේ වෙනස මන්ත්‍රීධුර 4ට අඩුවෙයි
මේ වන විට පවතින දේශපාලන අර්බුදයත් සමග සිදුවීමට නියමිත පක්ෂ මාරු කිරීම් හමුවේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබෙන මන්ත්‍රීධුර සංඛ්‍යාවේ වෙනස මන්ත්‍රී ආසන 4ක් දක්වා අඩුවී තිබේ.
ඒ එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට (ඒකාබද්ධ විපක්ෂයට) එක්වීමට තීරණය කර ඇති හෙයිනි.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 103ක් බවට පත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 99ක් ලෙසට වර්ධනය වී ඇති හෙයිනි. මේ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම තීරණාත්මක සාධකයන් බවට පත්වීම තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.