ඇතුළේ සිට පක්ෂය විවේචනය කරන පිරිස නිසා පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩනැගීම වඩාත් අසීරු කරුණක් වී අතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂිත පුද්ගලයන්ට නාමයෝජනා නොදිය යුතු බවද පුද්ගලයන්ට වඩා පක්ෂයේ ප්‍රතිපත්ති සලකා තීරණ ගැනීම වැදගත් බවද හෙතෙම පැවසූයේ අත්තනගල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“තමුන්නාන්සේලා දේශපාලනය කරන විට පක්ෂයට දේශපාලනය කරන්න. එහෙම කරන්න බැරිනම්, පක්ෂයෙන් එළියට යන්න ඕන. පක්ෂය ඇතුළේ සිට විවේචනය කරන්න එපා. අද පක්ෂය ඇතුළේ ඉඳගෙන විවේචනය කරන අය එල්.ටී.ටී.ඊ එකට වඩා දරුණු ත්‍රස්තවාදියෝ. මොකද ඒ අයට පසුගිය කාලේ තිබුණු ආරක්ෂාව දැන් නෑ. අද අපිට ඉන්නේ හොරු ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් නෙවෙයි. හොරුන්ට දඬුවම් කරන ජනාධිපතිවරයෙක්. ඉතිං පසුගියකාලේ හොරකම් කළ අය හදන්නේ ඒක අවුල් කරන්න. මේ නිසා පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්න අපිට සෑහෙන්න මහන්සියක් ගන්න වෙනවා........” යනුවෙන් හෙතෙම පැවසීය.