වංචාකාරයන්ට හා දූෂිතයන්ට දඬුවම් ලබාදීම සැලකිය යුතු මට්ටමකින් අඩපණ වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රාජපක්ෂ රෙජීමය ගෙදර යවා ජනවාරි 08 වැනිදා රටේ ජනතාව දුන් ජනවරමට ප්‍රධාන සාධකය වූයේ දූෂණයට, වංචාවට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදී, ඔවුන් එක්රැස් කළ ධන සම්භාරය නැවත මහජනතාව වෙත පවරා ගැනීමට බවද අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව පරීක්ෂණ සිදුකර වැරදි කළ පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදී, නැවත රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ව්‍යවස්ථාවෙන් හා නීතියෙන් ලැබී තිබෙන බලතලවලට අමතරව රටේ ජනමතය පිළිබිඹු කරමින් ලැබුණු බලයද ඉතාමත් ප්‍රබල බව ඔහු පැවසීය.