ශ්රී ලංකාව තුළ දූෂණය මැඬලීම සඳහා ජාතික ක්රියාකාරී සැලැස්මක් සම්මත කිරීමට රජය තීරණය කර ඇත.
අල්ලස් හා දූෂණ විරෝධී ආයතන සවිබල ගැන්වීම, රට තුළ ජාතික ඒකාබද්ධතාව නංවාලීම සඳහා වන රජයේ සමස්ත වැඩසටහන ඵලදායී ලෙස සම්බන්ධීකරණය, වංචාව, අල්ලස හා දූෂණය මැඬලීම සම්බන්ධයෙන් රාජ්ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ අල්ලස හා දූෂණය නිසා ශ්රී ලංකා සමාජය මත ඇතිවන අසුබවාදී බලපෑම පිළිබඳ මහජන අවබෝධය නංවාලීම වැනි අරමුණු රැසක් වෙනුවෙන් අදාළ නියෝජිත ආයතනවල උපදෙස් ලබාගනිමින් මෙම සැලැස්ම සම්පාදනය කිරීමට තීරණය වී තිබේ.
මේ සඳහා වන කැබිනට් මණ්ඩල යෝජනාව ඊයේ (24දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද අතර, එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.