දූෂණ හා වංචා තුරන් කිරීමට මූලෝපායික යාන්ත්‍රණයක් ඕනෑ"
ශ්‍රී ලංකාවෙන් දූෂණ හා වංචා තුරන් කිරීමට නම් මූලෝපායික යාන්ත්‍රණයක් සකස් විය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.
යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගත්තත් එයින් රටේ පැතිර පවතින දූෂණ හා වංචා සිද්ධීන් මුළුමනින්ම තුරන් කිරීමට නොහැකි වනු ඇති බව හොංග් කොංග් මූලස්ථානය කොට ගත් ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු බී.බී.සි සිංහල සේවයට පවසා තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ දූෂණ හා වංචා නැති කිරීම ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළත් දූෂණ හෝ වංචා නැති කිරීම පිණිස මේ වන විටත් රජයට ඒ සම්බන්ධයෙන් මූලික මූලෝපායක් නැති බවයි.
දනට ලෝකයේ සාර්ථකව ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන ආයතන හා සංසන්දනය කොට බලන විට ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් බවයි ඔහු පවසන්නේ..
මූලිකව එය පොලීසියේ පරීක්ෂවරුන්ගේ විමර්ශන මත පදනම්ව ඇති බවත් ඒ නිසාම පරීක්ෂණ පිළිබඳ තොරතුරු එළියට යාමට තිබෙන ඉඩ කඩ විශාල වශයෙන් වැඩි බවත් ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු තවදුරටත් ප්‍රකාශ කරතිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

