රුපියල් කෝටි 25 පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් රජයේ ප්‍රසම්පාදන නියමයන් උල්ලංඝනය කරමින්, දේශපාලන හිතවතුන්ට දුන් බවට උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර යන මහත්වරුන් ප්රමුඛ පළාත් අමාත්‍ය මණ්ඩලය හා ප්‍රධාන ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම ඊයේ (17) උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය නිශ්ප්‍රභ කරනු ලැබීය.
අදාල නොවන පාර්ශවයක් විසින් නඩුව පවරා තිබීම සහ ඇමුණුම් වල මුල් පිටපත් ඉඳිරිපත් නොකිරීම යන කරුණු පදනම් කර ගනිමින් මෙම නඩුව නිශ්ප්‍රභා කෙරුනී.
රුපියල් කෝටි විසි පහක් පමණ වන රජයේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් රජයේ ප්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු එම පළාත් සභාවේ අමාත්‍යවරුන් ඇතුළු නිළධාරීන් ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් මන්ත්‍රී හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා අධි නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් ඉදිරිපත් කල එම පෙත්සමෙහි උතුරුමැද පළාතේ පිහිටි පාසල් 31ක් ඉදිකිරීම සදහා රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් රජයේ ප්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් කටයුතු කරන බවට එම පෙත්සමෙහි සදහන් වූ අතර ඒ සදහා වගඋත්තකරුවන් ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් අමාත්‍යවරුන් වන පුංචිබංඩා රත්නායක, කේ.එච්.නන්දසේන, එස් එම් රංජිත් සමරකෝන්, එච්. බී. සේමසිංහ, පළාත් ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න සහ පළාත් ප්‍රධාන අමාත්‍යශයේ ලේකම් අනෝමා මානෙල් යන අය නම් කර තිබිනි.
අදාළ පෙත්සම ඊයේ (17) අධිකරණයේදී විභාගයට ගැනුනු අතර, අදාල නොවන පාර්ශවයක් විසින් නඩුව පවරා තිබීම සහ ඇමුණුම් වල මුල් පිටපත් ඉඳිරිපත් නොකිරීම යන කරුණු පදනම් කර ගනිමින් මෙම නඩුව නිශ්ප්‍රභා කිරීමට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය තීන්දු කරනු ලැබීය.