හෙටට (09දා) යෙදී තිබෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව, සුපිරිසුදු දේශයක් මතු පරපුරට දායාද කරන බවට සියලුම රාජ්‍ය සේවකයන් ප්‍රතිඥාවක් ලබාදිය යුතු බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දූෂණ විරෝධී දිනය සමරනු වස් සෑම රාජ්‍ය ආයතනයකම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම වැඩසටහනේදී සියලුම සේවකයන් ජාතික කොඩිය ඔසවා ඒ අබියස සිට එම ප්‍රතිඥාව ලබාදිය යුතු බවටත් චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
එම ප්‍රතිඥාව මෙසේය.
'සුපිරිසුදු දේශයක් මතු පරපුරට දායාද කිරීමේ උතුම් අභිලාෂය පෙරදැරිව මාගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ කටයුතු කිරීමේදී, අල්ලස හා දූෂණය පිටුදකිමින් සදාචාරසම්පන්න සහ නීත්‍යනුකූලව කටයුතු කරන ගෞරවාන්විත පුරවැසියෙකු ලෙස අභිමානවත්ව ශ්‍රී ලංකාද්වීපයට සේවය කරන බවට, මම දැඩි අධිෂ්ඨානයෙන් හා ගෞරව බහුමානයෙන් යුතුව මෙසේ පොරොන්දු දෙමි.'