දූෂණ විරෝධි පෙරමුණ අල්ලස් හා දූෂණ සම්බන්ධ ලිපි ගොනු කිහිපක් අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත භාරදුන්නේ ය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ,ශ්‍රී ලංකා කේටරින් ආයතන, ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආදි ආයතන ගණනාවක සිදුවූ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි මීට අයත් වේ.නව ආණ්ඩුවේ පත් වූ ඇතැම් අමාත්‍යවරුන් දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සමග ප්‍රසිද්ධියේ ඩීල් දමා ඔවුන් ආරක්ෂා කිරීමට කූට ව්‍යාපාරයක යෙදෙන බවද දූෂණ විරෝධි පෙරමුණේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මෙහිදී පැවසුහ.