ඖෂධ මිල අඩුකිරීමට, දූෂණ, වංචා නැතිකිරීමට නොහැකි නම් තමා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ රැඳී සිටීම ඵලක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාගේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට ඊයේ (20දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
එසේම මාස තුනක් ඇතුළත මිල අඩු හොඳ ඖෂධ ලබාදී ජනතාවට දැනෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා නව සභාපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.