මෙරට මහජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට දුරකථනය පත්වී ඇති බැවින් දුරකථන හා අන්තර්ජාල ගාස්තු මත පැනවූ 50% කට ආසන්න බදු වහා අහෝසි කරන ලෙස සමාජවාදී තරුණ සංගම රජයෙන් ඉල්ලා සිටියි.
මේ හරහා රටේ තරුණ ප්රජාවද විශාල අසාධාරණයකට හා පීඩාවකට ලක්ව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් මෙම සංගමය පවසා සිටියි. එසේම ජනතාව පීඩාවට පත්කරමින් පනවා ඇති සමස්ත අසාධාරණ වැට් පබු සඳහාද සිය සංගමයේ විරෝධය පළකරන බවද සමාජවාදී තරුණ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.