දුරකතන නිසා දුම්රිය අනතුරුවලින් 24ක් මරුට
- 19 10 2017
- 14:11
- {{hitsCtrl.values.hits}} views
- . .
දුම්රියේ හා දුම්රිය මගෙහි දුරකතන භාවිතය හා සේල්ෆි ඡායරූප ගැනීමට උත්සාහ නිසා මේ වසරේ ගතවූ මාස 10 තුළ මරණ 24ක් වාර්තා වී තිබෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. ඔවුන් නිකුත් කළ කෙටි වාර්තාවක මේ බව දැක්වෙයි.
ඒ හරහා 2016 වසරේ සිදුවූ දුම්රිය අනතුරු පළිබඳව කෙටි වාර්තාවක්ද ඉදිරිපත් කර ඇත.
ඒ අනුව,
දුම්රිය හරස් මාර්ග වලදී දුම්රියේ ගැටීම් 84ක්,
වාහන දුම්රිය හරස් මග ගේට්ටු වල ගැටීම නිසා සිදුවූ හානි 506
දුම්රියෙන් මගීන් ඇද වැටීම නිසා සිදුවූ අනතුරු 76
දුම්රිය මාර්ගයේ/ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම මගින් සිදු වූ අනතුරු සංඛ්‍යාව 436 ක් වන අතර එයින් තුවාල ලැබූ සංඛ්‍යාව 256කි. මියගිය සංඛ්‍යාව 180කි.
සිදුව තිබේ.
මේ අනුව දුම්රිය අනතුරු අවම කිරීම සඳහා දුම්රිය හරස් මග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්ථිත පුවරු සවිකිරීමට කටයුතු කර ඇති අතර එහි සමාරම්භය හෙට (20දා) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


