මංගල සමරවීර මහතා ආණ්ඩුවට පැමිණෙන්නේ නම් සිය ඇමති ධුරය පවා ඔහුට ලබාදීමට සූදානම් බව පවසන සිවිල් ගුවන් සේවා ඇමති පියංකර ජයරත්න මහතා හිටපු අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක මහතාද නුදුරේදීම නැවතත් ආණ්ඩුවට එක්වනු ඇතැයි පැවසීය.
හිටපු ඇමති දුමින්ද දිසානායක මහතා ගත් තීරණය සිතාමතා ගත් තීරණයක් නොවන බව කී ඇමති පියංකර ජයරත්න මහතා ඔහු නුදුරේදීම සිය පියා වෙනුවෙන් නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වනු ඇතැයිද කීය.