විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වූ තොරතුරු අනුව එක් දුම්වැටියක විෂ රසායන ද්‍රව්‍ය 4800 ක් ඇතැයි තහවුරු වී තිබෙන බවත්, ඒවායෙන් 250කට අධික ප්‍රමාණයක් උග්‍ර විෂ සහිත ද්‍රව්‍ය බවට හෙළි වී තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්
කරයි.
මෙම විෂ ද්‍රව්‍ය 4800 තුළ පිළිකා ඇති කරන විෂ ද්‍රව්‍ය 65 ක් අඩංගු බවටද හෙළි වී ඇතැයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී සහකාර ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට දුම්පානය කරන පිරිස් අධෛර්යමත් කිරීමට සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද ප්‍රදර්ශනය කළද, දුම්පානය කරන්නන්ගෙන් 75%කට අධික ප්‍රමාණයකට එම රූපමය අවවාද දැකගැනීමට නොහැකි වන බවට හෙළි වී ඇති බවයි. දුම්පානය කරන්නන්ගෙන් 75%කට අධික පිරිසක් දුම්වැටි එක, දෙක ආදී වශයෙන් මිලදී ගැනීම එයට හේතු වී ඇතැයිද ඔහු කීය.
මේ නිසා දුම්වැටි එක දෙක වශයෙන් විකිණීම තහනම් කර කුඩා පැකට් වශයෙන් අලෙවි කරන වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත්, මීට අමතරව තවත් ඉල්ලීම් 09ක්ද ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටි බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
1990 දශකයේදී ඒකපුද්ගල දුම්වැටි පරිභෝජනය දුම්වැටි 9000 – 9500 ත් අතර ප්‍රමාණයක් වූ බවත්, එහෙත් ගෙවීගිය දශකය තුළ ඒකපුද්ගල පරිභෝජනය දුම්වැටි 15000 – 17000 ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
දුම්පානය කරන්නන්ට වඩා ඒ අවට සිටින පිරිසද විවිධ ලෙඩ රෝගවලට ලක්වන්නේ යැයි තහවුරු වී තිබෙන බවත්, දුම්පානය කරන්නන් ආසන්නයේ සිටින ගැබිනි මවුවරුන්ටද දැඩි අනතුරුදායක තත්ත්වයන් ඇතිවන බවත් සහකාර ලේකම්වරයා සඳහන් කළේය.
මේ නිසා දුම්පානය කරන්නන් අධෛර්යමත් කිරීම සඳහා යෝජනා කළ ආකාරයට දුම්කොළ ආශ්රිත නිෂ්පාදන සඳහා අය කරන 72%බදු මුදල 90% දක්වා ඉහළ දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත්, මීට අමතරව තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කරනවා නම් ඒ සෑම දුම්වැටියකම රූපමය අවවාද ප්‍රදර්ශනය කරන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඔහු කියා සිටියේය.
දුම්කොළ ආශ්රිත නිෂ්පාදන බදු මුදල් 72% සිට 90% දක්වා ඉහළ දැමීම තුළින් රුපියල් බිලියන 12 ක වාර්ෂික ආදායමක් උපයාගත හැකි බවත්, මේ හරහා සමෘද්ධි සහනාධාර ඉහළ දැමීම හෝ ජනතාවගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන බදු මුදල් හෝ අඩු කරගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බදු මුදල් ඉහළ දමන ලෙසට සහ දුම්වැටි අලෙවි කරන ස්ථාන සඳහා අවසර පත්‍රයක් ලබාගත යුතු ක්‍රමයක් ඇති කරන ලෙසටද ඉල්ලා සිටි බවත්, මීට අමතරව දැනට සිගරට් පැකට්ටුවේ ප්‍රදර්ශනය කරන රූපමය අවවාද ජනතාවට නිසි ලෙස දැකගත හැකි අයුරින් ප්‍රදර්ශනය කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් සිදුකළ බවත් හෙතෙම කියා සිටියේය.