දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති සන්ධනය විසින් අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය පිළිබඳ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමග සාකච්ඡාවක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දුන්නේ වැටුප් විෂමතාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් වැටුප් කොමිසම වෙත ලබාදුන් තීරණය කොමිසම විසින් ක්‍රියාත්මක නොකිරීම මෙම වර්ජන ක්‍රියාවලියට හේතු වූ බවයි.ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වෘත්තීය සමිති සන්ධානය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලකට ගනිමින් වර්තමානයේ වැටුප් කොමිසම ජනාධිපති ලේකම් යටතේ පවතින බැවින් මෙම කරුණු පිළිබඳ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම්වරයාද දැනුවත් කර ස්ථිරසාර තීරණයක් ලබාදෙන බව වෘත්තීය සමිති සන්ධානයට දන්වා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම කරුණු දැක්වීම පිළිබඳ එකඟතාව පළ කළ වෘත්තීය සමිති සන්ධානය මේ පිළිබඳ තම සාමාජිකත්වය දැනුවත් කොට වර්ජනය පිළිබඳ තීරණයකට එළඹෙන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාට කියා සිටියේය.