වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් හා ජනාධිපති ලේකම්වරයා අතර අද (12දා) සවස 3.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කිරීමත් සමග මෙම සාකච්ඡාව ලබාදී තිබෙන බවද වාත්තීය සමිති නියෝජිතයෝ පවසා සිටිති.
මෙම සාකච්ඡාවේදී නිසි විසඳුම් ලැබුණහොත් වර්ජනය නවතා දමන බවත්, එය අසාර්ථක වුවහොත් අඛණ්ඩව වර්ජනය සිදුකරන බවද එම පිරිස් පෙන්වා දෙති.