ප්‍රවාහන අමාත්‍යාංශ අධීක්ෂණ තනතුරෙන් තම සංගමයේ සභාපති ඉවත් කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය රියදුරු සංගමය අද (13දා) ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් වී තිබේ.
දුම්රිය සේවා මූලස්ථානයෙන් 'අද' කළ විමසීමට අනුව එහි නිලධාරීන් ප්‍රකාශ කළේ වර්ජනය අවසන් වුවද ඇතැම් රියදුරන් තවමත් සේවයට වාර්තා කර නොමැති බැවින් දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකිබවයි.