රාගම දුම්රිය ස්ථානයේදී දුම්රිය රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියේය.