දුම්රිය පාපුවරුවල ගමන් කිරීම තහනම් කර තිබියදී දිගින් දිගටම පාපුවරුවල ගමන් කරන බැවින් දුම්රිය දොරවල් පහසුවෙන් ක්රියාත්මක වන අයුරින් සවි කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා සිටි බව දුම්රිය සේවක පොදු සේවා සංගමය සඳහන් කරයි.
මීට අමතරව දුම්රිය පැමිණිලි පිළිබඳ විශ්වාසයක් නොමැති නිසා පැමිණෙන දුම්රියේ දැඩි දුෂ්කරතා විඳගනිමින් මගීන් ගමන් කරන බවත්, මේ නිසා දුම්රිය ධාවනය විධිමත් කරන ලෙස ඉල්ලා සිටි බවත් එම සංගමයේ ප්රධාන ලේකම් එස්.බී. විතානගේ මහතා සදහන් කළේය.
පහසුවෙන් ක්රියා කරවිය හැකි දොරවල් සවිකරන ලෙස අද (08දා) දුම්රිය සාමාන්යාධිකාරීවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද හෙතෙම පවසා සිටියේය.
පාපුවරුවේ ගමන් කිරීම නිසා මේ වන විට ජීවිත විශාල ප්රමාණයක් අහිමි වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.