සිය මාසික දීමනාවට රුපියල් පන්දහසක අමතර මුදලක් එකතු කරන ලෙස කර ඇති ඉල්ලීම නොසලකා හැරීම හේතුවෙන් තමන් අද (31දා) සිට වැඩවර්ජනයක් ආරම්භ කළ බව දුම්රිය ගේට්ටුකරුවෝ පවසති.
මේ හේතුවෙන් එම ගේට්ටුවල රාජකාරී කිරීමට කිසිදු පුද්ගලයෙකු යොදවා නොමැති බැවින් එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලින් ගමන්කිරීම අනතුරුදායක විය හැකි බව ඔවුහු පවසති.
ඇතැම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන් තමන් සේවය කරන ගේට්ටුවල රතු පැහැති කොඩියක් ලෙළදීමට සලස්වා අනතුරුදායක බව දන්වමින් සේවයෙන් ඉවත්ව සිටින බව දැක ගත හැකිය.
සුපුන් හංසන