අමතර දුම්රිය එංජින් හා මැදිරි මිලදී ගැනීමකින් පසුවදුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමිය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා පැවසීය.
ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව අවස්ථා කිහිපයකදී මුදල් අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කළද, නිශ්චිත විසඳුමකට එළැඹීමට නොහැකි වූ බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
2008 වසරෙන් පසු දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දමා නොමැති බවත්,දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය ඉහළ නොයෑමට එය හේතුවක් වී ඇති බවත් අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
දුම්රියවල පහසුකම් වැඩිකිරීමකින් තොරව ගාස්තු ඉහළ දැමීම සාධාරණ නොවන බවත්, ඒ අනුව එංජින් හා මැදිරි මිලදී ගැනීම සඳහා ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.