දුම්රිය කාර්යක්ෂ්මතාව වැඩිකිරීමට GPS එයි
GPS(ගෝලීය පිහිටුම් පද්ධති තාක්ෂණය) හඳුන්වා දීම මගින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂ්මතාව වැඩිදියුණු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
GPS තාක්ෂණය ඔස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය පාලක මධ්‍යස්ථාන සම්බන්ධ කිරීම, ස්වයංක්‍රීයව දුම්රිය කාලසටහන් සකස් කිරීම, දුම්රිය මෙහෙයුම් සම්බන්ධ සියලු වාර්තා ජනනය කිරීම, දුම්රිය ප්‍රමාද අධීක්ෂණ පද්ධති විශ්ලේෂණය ආදී පුළුල් විෂය පථයක් ආවරණය කරමින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂ්මතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරයි.
එසේම මහජනතාව වෙත දුම්රිය සම්බන්ධ තොරතුරු ලබාදීම සඳහා GPS තාක්ෂණය යොදාගැනීම තවදුරටත් පුළුල් කිරීමටද මෙහිදී අපෙක්ෂා කරයි.
රුපියල් මිලියන 31.8ක මුදලකට මෙම මෙහෙයුම් පද්ධතිය ලබාගැනීමට පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


