අම්බලන්ගොඩ ආඳාඳොල දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට මරදාන බලා ධාවන ය වූ දුම්රියේ අතුරු මාර්ගයකින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රියේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මරණකරුවන් පොලිසි විශේෂ කාර්ය බළකායට අයත් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූ කාන්තාවක්ද බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. අද (30දා) සවස අනතුර සිදුව ඇත.