මීටියාගොඩ දළුවතුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසළදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ විශේෂ දුම්රියේ වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ගේට්ටු මුරකරුගේ උපදෙස් නොතකා ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ වෑන් රථයේ පිටුපස එන්ජිම ගැටී ඇතැයි පොලීසිය කියයි. වෑන් රථයේ ගමන් ගත් හිමි නමක් හා කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
නදීකා ප්‍රේමරත්න (49), ඉශානි මධුෂානි (37) ජීවිතක්ෂයට පත්වූ කාන්තාවෝ වෙති. අනතුරින් රියදුරට හානියක් සිදුව නොමැති බවත් රියදුරු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.