නාවලපිටියේ සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ප්රවාහනය කළ දුම්රියක අද 10දා අලුයම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පසුපසට ධාවනය වී තිබේ.
එම දුම්රියේ තිරිංග පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇත.
මේ අවස්ථාවේ වහාම ක්රියාත්මක වූ එහි ආරක්ෂක නිලධාරීන් විසින් පසුපසට ගමන් කරමින් තිබූ දුම්රිය නවතා ගැනීමට සමත්ව තිබේ.
එම දුම්රිය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ එහි ඩීසල් ලිටර් එකොළොස් දහස් හයසීයක් ප්රවාහනය කරමින් සිට ඇත. කාර්මික දෝෂයට ලක් වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය ඉන්ජිනේරු අංශයේ නිලධාරීහු කටයුතු කළහ.