දුම්කොළ බදු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාකරන විට මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්දුම්කොළ සමාගමේ නියෝජිතයෝ මෙන් හැසිරුණ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද(07දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය.
කුමන බාධා පැමිණියද දුම්කොළ බදු වැඩිකිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් මෙවැනි කටයුතුවලදී බාධා පැමිණියද කිසිවිටක ආපස්සට නොයන බවද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
දුම්කොළ බදු වැඩිකිරීම සම්බන්ධයෙන් මේවනවිට මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබාගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙසේද කීය.
&ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරකසභාවට අපි මේක යොමුකළා. එහිදීවාර්තාවක් දෙන්න ඇමතිවරු තුන්දෙනෙක් පත්කළා. ලබන සතියේදී එම වාර්තාව අනුව කැබිනට් මණ්ඩලය මේපිළිබඳ තීරණයක් ගන්නවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ මේබදු වැඩිකළොත් එය පාඩුවක් කියලා. නමුත් ජනාධිපතිතුමා කිව්වේ දුම්කොළ සමාගම් දුර්වල කරන්න තමයි මේ පියවර ගත්තේ කියලා. දුම්කොළ සමාගම් ලබදායී කරන්න අපිට උවමනාවක් නැහැ. අපිත් හොඳට බලලා තමයි මේ හැමදේම කළේ. මුදල් අමාත්‍යාංශයේ සමහර උදවිය අපිට වෛද්‍ය දත්ත පිළිබඳව උගන්නන්නත් හැදුවා.සමහර නිලධාරීන් හැසිරුණේ දුම්කොළ සමාගමේ නියෝජිතයෝ වගේ. මේවගේ දේවල් කරද්දීමේවගේ බලපෑම් එනවා. ඒවායින් අපි කිසිසේත්ම පස්සට යන්නේ නැහැ.* යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම බදුපැනවීමට බධාකරන්නේ මුදල් අමාත්‍යවරයා දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්නකර සිටි අවස්ථාවේ අමාත්‍යවරයා පැවසුවේ මුදල් ඇමතිවරයා කියලා දෙයක් නැහැ. මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ එවලා තියෙනවා ලක්ෂ 03ක් දුම්කොළ වගාකරුවෝ දුර්වල වෙනවා කියා. නමුත් අපි කිව්වා එහෙම වෙන්නේ නැහැ. යැයි සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.