පවුල් සෞඛ්‍ය සේවිකාවන් අනිද්දා (16 දා) දිනයේදී ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසූවාය. සිසු හෙද නිලධාරීන්ට සූත්‍රිකා (වින්නඹු) පුහුණුව ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා තීරණය කර තිබීම නිසා මෙම තීරණයට එළැඹී බවද ඒමහත්මිය සඳහන් කළාය. හෙද නිලධාරීන්ට සූත්‍රිකා පුහුණුව ලබාදීම හේතුවෙන් පවුල් සෞඛ්‍ය සේවාව විනාශ වන බවද කොඩිතුවක්කු මහත්මිය පෙන්වා දෙයි.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ 16 වැනිදා ආරම්භ වීමට නියමිත හෙද නිලධාරීන්ට සූතිකාගාර පුහුණුව ලබාදීමේ පුහුණු කටයුත්ත, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පවුල් සෞඛ්‍ය සේවා සංගමයක බලපෑමකට යටත්ව අවලංගු කරදැමීමට කටයුතු කළහොත් 17 වැනිදා සිට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.