පොසොන් සමය තුළදී දීඝවාපී විහාරස්ථාන භූමිය තුළ සැණකෙළි පැවැත්වීම අධිකරණය මගින් තහනම් කර තිබේ.
මේ අනුව දීඝවාපී විහාරස්ථාන භූමියේ සිට මකර තොරණ දක්වා වූ භූමිය තුළ සංගීත සංදර්ශන, කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුම්, කේබල් මත යාම, වායු බැලුන්, මාරක ළිඳ, ආපනශාලා, වෙළෙඳ කුටි ආදිය ඉදිකිරීම තහනම් කර ඇත.