ත්‍රිකුණාමලය, යාපනය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවලට බලපා තිබෙන අධික වියළි කාලගුණ තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල ජීවත්වන විශාල පිරිසකට පානීය ජලය සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
පවතින අධික වියළි කාලගුණ තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කයන්හි බොහෝ ප්‍ර‘දේශවල ළිං සහ කුඩා වැව් විශාල ප්‍රමාණයක් සිඳී ගොස් තිබෙන අතර, මේ නිසා නළ ජලය ලබාදෙන ප්‍ර‘දේශවලට ජලය සැපයීමද යම් ප්‍රමාණයකට සීමා වී ඇතැයිද වාර්තා වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තාවලට අනුව අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 27,929 කට අයත් පුද්ගලයින් 103,668 ක් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දී ඇත.
මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 25,931කට අයත් පුද්ගලයින් 80,057 ක්,පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 2,708 කට අයත් පුද්ගලයින් 8,554 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 6,809කට අයත් පුද්ගලයින් 26,816 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 15,205 කට අයත් පුද්ගලයින් 50,870 ක් පීඩාවට පත්ව සිටිති.
දෛනික වාර්තාවලට අනුව දිස්ත්‍රික්ක 05 තුළ පවුල් 84,428කට අයත් පුද්ගලයින් 269,965 ක් පීඩාවට පත්ව ඇත.
අද මේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් එල්.බී.ආර් මාර්ක් මහතාගෙන් විමසීමක් කළෙමු.
වියළි කාලගුණ තත්ත්වය පවතින ප්‍ර‘දේශවල ජනතාවට පහසුකම් සැලසීම අදාළ පළාත් සහ ප්‍රාදේශීය සභා මගින් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සිදුවන බවත්, දැනට එම ප්‍ර‘දේශවලට නියඟය තත්ත්වයක් නොමැති බවත්, ඇතිවී තිබෙන්නේ සාමාන්‍ය වියළි කාලගුණ තත්ත්වයක් බවත් ඒ මහතා පැවසීය.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මියගෙන් කළ විමසීමේදී සඳහන් කළේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් අවසන් වීමත් සමග පහව යන බවය.
නිරිත දිග මෝසම් ක්‍රියාත්මක වන නිසා මෙම දිස්ත්‍රික්කවලට වියළි කාලගුණ තත්ත්වයක් ඇතිවී තිබෙන නමුත් අන්තර් මෝසම් ඇතිවීමත් සමග මෙම ප්‍ර‘දේශවලට වර්ෂාව ඇතිවන බවත් ඇය සඳහන් කළාය.