දේශීය සංචාරකයන්ට මෙතෙක් බාධාවක්ව තිබූ චීනවරාය මාබල් බීච් වෙරළ තීරය හරහා ගුවන් හමුදාව විසින් ඉදිකර තිබූ වැට ඉවත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
මෙම වැට නිසා දේශීය සංචාරකයන්ට වෙරළ තීරය හරහා නිදහසේ ගමන් කිරීමට බාධා එල්ල වී තිබූ අතර පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන මෙම වැට ඉවත් කිරීමට තීරණය කෙරිණි.
මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ගුවන් හමුදාවට අවශ්‍ය නම් සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා සංචාරක පොලීසියේ යෙදවීමට හැකි බවද අවධාරණය කළේය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව
