රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්රික්කවලට ඇතිවී තිබෙන වර්ෂා තත්ත්වය දිගටම පැවතියහොත් කඳුකර ප්ර‘දේශ නායයාමටත්, පස් කණ්ඩි කඩාවැටීමටත් හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.
මේ අනුව ගාල්ල, රත්නපුර, කළුතර දිස්ත්රික්කවල ඇති සියලුම කඳුකර බෑවුම් ප්ර‘දේශ, නිර්මිත බෑවුම් සහ මාතර දිස්ත්රික්කයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇති ප්ර‘දේශවල මෙම අවදානම් පවතින බවද එම ආයතනය සඳහන් කරයි.