දිවයිට පවතින වැසි නොමැති කාලගුණ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 20ටම පානීය ජල ගැටලුවක් ඇතිව තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. කෙසේ වෙතත් පීඩාවත පත් ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබාදීම අපාදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී අද (06දා) පැවැසීය.
එසේම මෙම ගැටලුවෙන් ජනතාව මුදවා ගැනීම සඳහා මිලියන 18ක් දිස්ත්‍රික් 16ට වෙන්කළ බව පැවැසූ අමාත්‍යවරයා පානීය ජල ව්‍යාපෘති සඳහා අවශ්‍යතරම් මුදල් ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බවත් ඒ පිළිබඳව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉල්ලුම් කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.