දිස්ත්රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් ලෙස තෝරාගත් ප්රධාන දේශපාලන පක්ෂ නියෝජිත මැතිඇමතිවරුන්ට පත්වීම් ලිපි ප්රදානය ඊයේ (06) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. තෝරා ගත් මැතිඇමතිවරුන් 54 දෙනෙකු අතරින් 46 දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබාගත්හ.