බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවරඑළිය කළුතර යන දිස්ත්රික්කවලට ඇදහැලෙන වැසි තත්ත්වය නිසා එම දිස්ත්රික්කවල පිහිටි කඳු නායයාමේ අනතුරු ඇඟවීම හෙට (01දා) සවස 6.00 දක්වා ක්රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඊයේ (29දා) දිනයේද මෙම දිස්ත්රික්කවලට ඇදහැලුනු වර්ෂා තත්ත්වය සැලකිල්ලට ගෙන සවස 2.00 සිට අද සවස 2.00 දක්වා කඳු නායයාමේ අනතුරු ප්රකාශයට පත්කර තිබුණි.