දිවුලපිටිය ප්රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කොටදෙණියාව දෙහිගහපල්ලමදී ඊයේ (26දා) සිදු වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සභාපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සභාපතිවරයා සමග තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදීමෙන් තුවාල ලත් පුද්ගලයා මීගමුව රෝහලේ ප්රතිකාර ලබන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.