දිවිහානි කරගැනීමට තැත්කළ හිමි 21 වැනිදා දක්වා රිමාන්ඩ්
කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ඊයේ (18 දා) ගිනි තබාගෙන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ සූරියවැව ධර්මදූත ආශ්රමයේ දන්දෙණියේ ධම්මානන්ද හිමි මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා තීන්දු කළේය.
ගව ඝාතනය සම්බන්ධයෙන් රජය මගින් ලිපියක් ලබාදී තිබුණද, එයට ප්රතිචාර නොදක්වා පරුෂ වචනයෙන් බැණ වදිමින් උද්වේගකාරී ලෙස හැසිරීම, පෙට්රල් ලීටරයක් අඩංගු බෝතලයක් රැගෙන සිය දිවි හානි කරගැනීමට තැත් කිරීම,එසේ දිවි හානි කරගත්තේනම් මහජන කැළඹීමක් ඇතිවී, ජාතිවාදී කැළඹීමක් ඇතිවී ජාතිවාදී කෝලහාලයන් දක්වා වර්ධනය විය හැකිවීම ආදී කරුණු මූලික කර ගනිමින් මෙම තීන්දුව ලබාදෙන ලදී.
පොලිසිය මෙහිදී සඳහන් කර සිටියේ හිමිනම නැවත වරක් දිවි නසාගැනීමට උත්සාහකිරීමේ වාතාවරණයක් තිබෙන බැවින් ඒ පිළිබඳව මහේස්ත්රාත්වරයාගේ අවධානය යොමු කරන ලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

